තුර්කි ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වී ඔත්තු බැලීමේ නිරත වූ පුද්ගලයන් 29 දෙනෙක් අත්අඩංගුවට

තුර්කියට සම්බන්ධ ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වී ඔත්තු බැලීමේ නිරත වූ පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊජිප්තු අධිකරණය නියෝග කර තිබේ.

 

ඊජිප්තු බුද්ධි සේවා කොමිසමේ පරීක්ෂණයකට අනුව මෙම කණ්ඩායම ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය බලයට ගෙන ඒමේ සැලැස්මේ කොටසක් ලෙස තුර්කි බුද්ධි අංශ වෙත දුරකථන ඇමතුම් ලබා දී ඇතැයි තොරතුරු වාර්තා වී ඇත.

 

සැකකරුවන්ගේ කුමන ජාතිකයන්ද යන්න  නිශ්චිතව දක්වා නොමැත. බලපත්‍ර නොමැතිව මුදල් විශුද්ධිකරණය සහ වෙළෙඳ මුදල් පිළිබඳ චෝදනාද මොවුන් වෙත  එල්ල වී තිබේ.

 

මුස්ලිම් සහෝදරත්වය තුර්කි පාලක පක්ෂයට සමීප සම්බන්ධකම් ඇති අතර ඊජිප්තුවේ තහනම් කර ඇති බැවින් එහි සාමාජිකයින් බොහෝ දෙනෙක් තුර්කියට පලා ගොස් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *