ෆේස් බුක් වෙතින් පොඩ්ඩන්ට අලුත් වැඩක්

 

සමාජ ජාල අතර ඉහළින්ම තිබෙන නමත් තමයි ෆේස් බුක්. එම  ජාලය ඉකුත්දා අමුතු වැඩක් කළා. ඒ තමයි තමන්ගේ බාල වයස්කාර පාරිභෝගිකයන්ට අලුත් ඇප් එකක් හදුන්වා දීම.

 

මෙම ප්‍රකට සමාජ ජාල වෙබ් අඩවිය වයස අවුරුදු 13ට වැඩි වැඩිහිටි පිරිස සදහා පමණක් නිර්මාණය කර ඇතත් පර්යේෂකයන් සදහන් කරන්නේ වයස අවුරුදු 13ට අඩු මිලියන 20කට අධික පිරිසක් භාවිත කරන බවයි.

 

ෆේස් බුක් විසින් හදුන්වා දුන් මෙම නව ඇප් එක භාවිත කිරීම සදහා බාල වයස්කරුවන් සිය වැඩිහිටියන්ගේ අවසර ලැබිය යුතු බවත් එහි දත්ත කිසි විටකත් වෙළද දැන්වීම් සදහා භාවිත නොකරන බවටත් ෆේස් බුත් සමාගම සදහන් කරනවා.

 

‘මැසෙන්ජර් කිඩ්ස්’ යන නමින් මෙම නව ඇප්ලිකේෂනය හදුන්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *