විදේශීය ටෙලි නාට්‍ය සදහා ඉදිරියේදී බදු වැඩිවෙයි

දේශීය චිත්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීමේ අරමුණින් විදේශීය රටවල් තුලින් මෙරටට පැමිණෙන සියලු කලාත්මක නිර්මාණ සදහා ඉදිරියේදී තවදුරටත් බදු වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

 

අද (06) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව වාර්තා විය.

 

මේ අනුව විදේශ රාජ්‍යයන් තුලින් පැමිණෙන සිංහල හා දෙමල මාධ්‍යයට හඩකවන ලද විදේශීය ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වෙළද දැන්වීම් මත පනවන බදු වැඩිකිරීමට අමාත්‍ය මංගල සමරවීර කැබිනට් මණ්ඩලයට යොමුකළ යෝජනාවකට අනුව මෙම බදු පැනවීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරිපත් කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *