බ්‍රිතාන්‍යයේ සිදුකළ විස්මිත සැත්කමක්

අලුත් උපන් බිළිදියකගේ සිරුරෙන් පිටත පිහිටා තිබූ හෘදය වස්තුව සැත්කම කිහිපයකින් පසුව යථා තත්ත්වයට පත්කිරීමට බ්‍රිතානය වෛද්‍යවරු පිරිසක් සමත්ව තිබේ.

 

මෙලෙස සැත්කමට භාජනය වී ඇත්තේ වැනේලෝප් හෝප් නම් සති තුනක් වයසැති බිළිදියකි.

 

බ්‍රිතාන්‍යයේදි මෙලෙස පිටත පිහිටා තිබූ හදවතක්  සාර්ථකව බද්ධ කළ ප්‍රථම වතාව මෙය බව වාර්තා වේ.ලෙයිසෙස්ටර් හී ග්ලෙන්ෆීල්ඩ් රෝහලේදී මෙම සැත්කම සිදු කර තිබේ.

 

බිළිදියගේ මව 31 හැවිරිදි නයෝමි ෆෙන්ඩ්ලේ සහ පියා 43 වියැති ඩීන් විල්කින්ස් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *