ප්‍රජාතන්ත්‍රවාදයේ උපත හා විපත ගැන අනුර කුමාර කියයි

පාර්ලිමේන්තුව ආරම්භයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කේන්ද්‍රස්ථානය යැයි පැවසුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගෙල සිඳ දැමුවේත් එම කේන්ද්‍රස්ථානයේ සිටම බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
අද (03) පාර්ලිමේන්තුවේදි පැවති ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ 70 වසරක සංවත්සරය සැමරීමේ විශේෂ සැසිවාරයට එක්වෙමින් ප්‍රධාන සංවිධායකවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

රාජාණ්ඩු ඉතිහාසයකයට උරුමකම් කියූ අපේ රටේ ජනතාව රාජකාරී ක‍්‍රමයකට යටත් කල කාලයක් හා යටත්විජිත පාලන සමයක් පසුකර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇවිත් තියෙනවා.
මේ සභාව ආරම්භයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කේන්ද්‍රස්ථානය කිව්වත් එ් කේන්ද්‍රස්ථානයමයි ප‍්‍රජාතනන්ත‍්‍රවාදයේ ගෙල සිද දැමුවේ. 1972 අපරාධ යුක්ත කොමිෂන් සභාව පත්කළා.
කවර හෝ සිදුවීමක් සම්බන්ධයෙන් දඩුවම් දීමට අණ පනත් තිබියදී තෝරාගත් කණ්ඩායමකට දඩුවම් දීමටයි මේක කලේ. හතර වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සභාවේ මන්තී‍්‍රවරුන්ම තමන්ගේ කාලය සය වසරකින් දීර්ඝ කරගන්න අත එසවූවා.

සමහර අය ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙම මධ්‍යස්ථානය රැක්ක බව කියන්න උත්සාහ කලත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොරැකීම නිසයි යුද්ධ නිර්මාණය වුණේ.
එ් නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කේන්ද්‍රස්ථානය තමන්ම ව්‍යවස්ථා සම්පාදනය කර ස්වාධින අධිකරණ පද්ධතියක් ගොඩනගා තිබියදී අධීකරණයේ ඉහළම ධුරය තමන් විසින්ම නඩු අහලා ඉවත්කල කිළිටි ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුවට තියෙනවා.

පොදු ජනතාව පාලනය කරන්න නීතී සම්පාදනය කර තියෙනවා. එ් නිසා ලේ වැගිරීම්වලට වග කියවිය යුතුයි.

අයවැය ලේඛණවල වැකි, රටේ අනාගතය පිළිබද වැකි මේ බිත්ති වලට කතා කරන්න පුළුවන් නම් කියයි. ආර්ථීක වර්ධනයේ නිවැරදි දාසාවකට මේ රට ගෙන යාමට මේ පාර්ලිමේන්තුවට හැකි වී නැහැ.
එ් වගේම ජාතික සමගිය ගොඩනගන්න බැරි වුණා. 1947 පසු ගත්ත බොහෝ තීරණ ජනයා භේද කරවීමට තුඩු දෙන දේවල්. ගොඩනගන ලද ව්‍යවස්ථාවන් මගින් ජනතාවගේ භාෂාමය, සංස්කෘතිමය දේ අතර අසමානතාවයන් ගොඩනැගුව නිසා අදත් වසර 70කට පසුව අපිට ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෑමොර දෙන්න සිද්ධවෙලා තියෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන සංවිධායකවරයා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් පවතින බව ප්‍රකාශ කල අතර 1972 ව්‍යවස්ථාව සම්මත වීම ඉන් එක් කරුණක් බවත් කෙසේවෙතත් විශේෂ අවස්ථා ඇත්තේ ගණනය කල හැකි තරමින් අඩු සංඛ්‍යාවක් බව ඔහු සදහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *