උදයංග අල්ලන්න සොයන්නේ ඇයි?

 

උදයංග වීරතුංග යනු රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපතිවරයෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඇවැස්ස මස්සිනා වූ ඔහු ගැන අතීතයේදී කෙසේ වෙතත් දැන්නම් කුඩා දරු දැරියන් පවා දනිති. ඔහු මෙතරම් චරිතයක් බවට පත්වූයේ මිග් යානාවලට පින්සිදුවෙන්නටය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් නමැති කුරිරු ත‍්‍රස්තවාදියා මේ රටේ යුද්ධයක් ඇති නොකළේ නම් එවැනි මිලේච්ඡු යුද්ධයකදී භාවිතා කළ හැකි මිග් යානා වැනි අති නවීන මිග් යානා සුද්දා නිෂ්පාදනය නොකළේ නම් අද උදයංග වීරතුංග ගැන දන්නේ, ඔහු ගැන කතා කරන්නේ අත්තනගල්ලේ පදිංචි ජොසපින් නෝනා වැනි දෙතුන් දෙනෙකි.

 

ජොසපින් නෝනලාගේ නොයෙල් රණවීරලාගේ කතාව වෙනම දෙයකි. එයත් අත්‍යවශයෙන් හෙළි කළ යුතු පරිබාහිර සිද්ධිදාමයක් වුවත් එම කතාවට පුංචි විරාමයක් තබා අපි දැන් අපේ ප‍්‍රධාන මාතෘකාවට බසිමු.

 

ඒ 2000 වසරයි. උදයංග එවකට රුසියාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයාය. මේ ගිලගත් කුරිරු ත‍්‍රස්තවාදය සහමුලින්ම උපුටා දැම්මේ පරම අදිටන පෙරදැරිව සටන් වැදී රණවිරුවන්ට සවියක් විය හැකි යුද උපකරණවල අවශ්‍යතාවය තදින්ම දැනී තිබූ වකවානුවකි. එය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සතුව පැවැති ත‍්‍රස්තවාදීන්ට ක්ෂණිකව පහරදී ඔවුන් අඩපණ කළ මිග් යානා කිහිපයේ සකි‍්‍රය කි‍්‍රයාකාරීත්වය ද ක‍්‍රම ක‍්‍රමයෙන් අඩපන වෙමින් පැවැතීම හා පැවැති අවශ්‍යතාවය මත තවත් මිග් යානා හතරක් මිලදී ගත යුතු බව හිටපු ගුවන් හමුදාපතිවරයා විසින් එවකට ආරක්‍ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත නිර්දේශ කළේය.

 

ඒ සඳහා ටෙන්ඩර් කමිටුවක් පත් කර තිබූ අතර එහි සභාපතිවරයා ලෙස ජාතිය ගොඩනැඟීමේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එස්.ජයසිංහ මහතා පත්කරනු ලැබීය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ලේකම් එස්.බී. දියාරත්න යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නම් කෙරිණි.

 

එවකට ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්ෂණික ඇගයීම් කමිටුවක් ද පත්කෙරිණි. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂ ගුවන් කොමදෝරු ඊ. ජී. අයි.පී.ද.සිල්වා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරී එච්.ඞී.වීරසිරි, මොරටුව විශ්ව විiාලයේ කථිකාචාර්ය ආචාර්ය සී. පී. ටී. නානායක්කාර, මුදල් අමාත්‍යාංශයේ කේ.පී.ඔල්ගා මහත්මිය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බී.පේ‍්‍රමරත්න එම ක්ෂණික ඇගයීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වූහ.

 

2000 වසරේදී ශී‍්‍ර ලංකා රජය මුල්වරට මිග් 27 යානා හතරක් හා ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ, විශේෂ වාහන හා අමතර කොටස්ද සමග දළ වශයෙන් එක් යානාවකට ඇමරිකානු ඩොලර් 1.6 -2.00 ක් පමණ මුදලක් වැයකර මිලදී ගෙන තිබුණි. එයට අමතරව මිග් 23 වර්ගයේ පුහුණු කිරීමේ යානාවක්ද ඇමරිකානු ඩොලර් ලක්ෂ නමයකට මිලදීගත් ශී‍්‍ර ලංකා රජය මේ සියලූ යානා හා උපකරණ ප‍්‍රවාහනය සඳහා ඇමරිකානු ඩොලර් 845,000ක් වැයකර තිබුණි.

 

2006 වසරේදී එක් මිග් යානාවක් සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 2462,000ක් වැය වී තිබූ අතර ප‍්‍රවාහන ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 460,000ක් වැය වී තිබුණි. 2000 වසරේදී ඇමරිකානු ඩොලර් ලක්‍ෂ නමයක් ගෙවා මිලදී ගත් මිග් 23 යානය අලූත්වැඩියාව සඳහා පමණක් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 11ක් වැය වී තිබුණි. පැරණි මිග් යානා හතර අලූත්වැඩියාව හා නව මිග් යානා හතරක් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 14ක් වැය වී තිබුණි.

 

ඉදිරිපත් වූ තොරතුරු අනුව නව රජය බලයට පත්වූ පසුව එම ගනුදෙනුවේදී යමිකිසි අක‍්‍රමිකතාවයක් සිදුවී ඇති දැයි සොයන්නට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරිණි. මෙකී ගනුදෙනුවට එවකට රුසියාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා සෘජුව මැදිහත්වී ඇති බවත් එකී ඇමරිකානු ඩොලර් මිලියන 14කට ආසන්න මුදල සැපයුම්කාර යුක්රේනයේ යුක්රින් මාෂ් සමාගමට නොගෙවා බොල්වියා හෝල්ඩිංග්ස් නමැති සැකසහිත තුන්වන පාර්ශවයකට ගෙවා ඇති බවත් අනාවරණය කර ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමත් වී තිබුණි.

 

ශී‍්‍ර ලංකා රජය මුදල් ගෙවු තුන්වන පාර්ශවය ලෙස සඳහන් වූ බොල්වියා හෝල්ඩිංග්ස් සමාගම ව්‍යාජ සමාගමක් බවද එම ලිපිනයේ පිහිටා ඇත්තේ දුරකථන කුටියක් පමණක් බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ පිළිබඳව කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන්නට පියවර ගෙන තිබුණි.

 

එවකට පැවැති රජයේ වගකිවයුතු තනතුරු දැරූ පුද්ගලයන් කිසිප දෙනෙකුගේ අනුමැතිය ඇතිව ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා සිදුකළ එම මූල්‍ය වංචාවට උදයංග වීරතුංග මහතා සෘජු දායකත්වයක් දක්වා ඇති බව පෙන්වා දී ඔහු ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණවල සැකකරුවකු ලෙස නම් කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පියවර ගත්තේය.

 

ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම මත සැකකාර උදයංග වීරතුංග මහතා වෙත නොතිසි නිකුත් කිරීමට අධිකරණය පියවර ගෙන තිබුණි. 2016.06.07 වන දින අධිකරණය නිකුත් කළ එම නොතිසි පිටපත් උදයංග වීරතුංග මහතාගේ සහෝදරියක වන තලපත්පිටියේ පදිංචි ඩයනී නිරෝෂා යන අයටත් උදයංග වීරතුංග මහතාගේ ඇටෝර්නි බලපත‍්‍ර හිමිකරු වන කුරුදුගහහැතැප්ම පදිංචි එම්.රුවන් චන්දන යන අයටත් භාරදී තිබුණි. විමර්ශන ආරම්භ කිරීමත් සමගම අතුරුදන්වූ උදයංග වීරතුංග මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු, විවෘත වරෙන්තු හා ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කිරීමට අධිකරණයට සිදුවිය.

 

විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම මත ඔහු නමින් ආරම්භ කොට තිබූ මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන ගිය බැංකු ගිණුම්වල තැන්පත් කොට ඇති මුදල් ආපසු ලබාගැනීම හුවමාරු කිරීම වළක්වන නියෝගයක්ද නිකුත් කළ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය ඔහු සතුව ඇති බොරැුල්ල ප‍්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක පිහිටි නිවාස කිහිපයක් හා අත්තනගල්ල ප‍්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනාවක් වටිනා අක්කර හතකින් යුත් ඉඩම් කොටස් දෙකක් විකිණීම පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් නියෝගයක් මෑතකදී නිකුත් කෙරිණි.

 

බැංකු ගිණුම් අත්හිටුවීම මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇතැයි පෙන්වා දෙමින් සිය බිරිඳගේ මව වන ලතා ඉන්ද්‍රාණි මාන්නප්පෙරුම මහත්මිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමටද උදයංග වීරතුංග මහතා පසුගිය වසරේදී පියවර ගෙන තිබුණි.
මෙකී නොකී කි‍්‍රයාදාමයන් අතරතුර ශී‍්‍ර ලංකාවෙන් පළාගොස් පදිංචි වූ රුසියාවෙන්ද හා පුරවැසි භාවය හිමි යුක්රේනයෙන්ද අතුරුදන් වී ඇතැයි ප‍්‍රචාරය වූ මිග්යානා මුදල් වංචාවේ ප‍්‍රධාන සැකකරුවකු යැයි කියන උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මගින්ද රාජපක්‍ෂ මහතා තායිලන්තයට ගිය අවස්ථාවකදී ඔහු සමග පෙනී සිටි ඡdයාරූප සමාජ මාධ්‍ය ජාලා අතර ප‍්‍රචාරය වීමත් සමග සමාජයේ දැඩි කතාබහක් ඇති විය.

 

පසුගිය 4වැනිදා ඔහු ඩුබායි ගුවන්තොටුපළින් පිටත්වීමට යන අවස්ථාවේදී එරට ජාත්‍යන්තර පොලිසිය විසින් රඳවාගෙන ප‍්‍රශ්න කරන බවත් ශී‍්‍ර ලංකාවේ ඉල්ලීම පරිදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් කියැවිණි. මෙරටට අවශ්‍ය සැකකරුවකු වන ඔහුව ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා විමර්ශන නිලධාරීන් ඩුබායි බලා යාමට ඉල්ලූම් කළ වීසා බලපත් නොලැබීම මෙන්ම එරට ජාත්‍යන්තර පොලිසිය විසින් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව ඔහුව මුදාහැර ඇති බවටත් පැතිර ගිය ආරංචි සැබෑවක් නම් එයින් ගම්‍යවනුයේ අප රටේ බලාත්මක නීතියේ හා අප රට ජාත්‍යන්තර ප‍්‍රජාව හිඩැසක් ඇති බව නොවේද?

 

උදයංග වීරතුංග සමග රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ අත්තනගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන නොයෙල් රණවීර නමැත්තා 2014 වසරේ මැදි භාගයේදී අභිරහස් ලෙස මියගොස් තිබුණි. එකී ඝාතනය හදිසි අනතුරකින් සිදුවූවක් බවට උදයංග වීරතුංග මියගිය පුද්ගලයාගේ මව වන ජොසපින් නෝනා නමැත්තියට ප‍්‍රකාශ කර තිබුණත් ඔහුගේ මෘත ශරීරයේ ගෙල ප‍්‍රදේශයේ තිබූ තදබල සීරිම් තුවාල, පහරදීම් වැනි තුවාල අනුව එය ඝාතනයක් බව ඔහුගේ මව අධිකරණයට දැනුම්දී තිබුණත් කුමක්දෝ හාස්කමකින් එම විමර්ශන කටයුතු යටපත් වී තිබුණි.

 

සැකසහිත එම මිග් යානා මුදල් වංචාව සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැුසක් අනාවරණය කරගත් සන්ඬේ ලීඩර් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා සිය පුවත්පත මගින් එම වංචාවට සම්බන්ධ ප‍්‍රබලයන් රැුසක් පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට සූදානම්ව සිටිනා විටෙක ඔහු ඝාතනයට ලක්විය.

 

මේ අතර තමන්ට එරෙහිව කිසිදු ජාත්‍යන්තර වරෙන්තුවක් නොමැති බව තහවුරුවීම නිසා ඩුබායි අන්තර්ජාතික පොලිසිය තමා නිදහස් කළ බව උදයංග වීරතුංග මහතා සිය ලේක්හවුස් ගිණුමේ සටහනක් තබා තිබිණි. එමෙන්ම උදයංග වීරතුංග මහතා මෙරටට රැුගෙන ඒම සඳහා වීසා බලපත් නොලැබීමේ ගැටලූවකට මුහුණ දී සිටි විශේෂ නිලධාරි කණ්ඩායමක් එම ගැටලූව විසඳගෙන වීසා බලපත් ලැබීමෙන් පසු ඩුබායි බලා බ‍්‍රහස්පතින්දා පිටත්ව ගොස් තිබිණි.

 

නිසල් ගිම්හාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *