චතාරික සමය ආරම්භ වෙයි – වත ඉරාගෙන නොව සිත ඉරාගෙන දෙවිදුන් වෙත හැරී යමු

විශ්ව කතෝලික දේව වන්දනා වර්ෂය තුළ දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබෙන ප‍්‍රධාන සමයක් මෙන්ම ප‍්‍රසාද ජනක කාලය වන්නේ චතාරික සමයයි. අළු බදාදා දින නළල මත අළු තැවරීම මගින් සංකේතාත්මකව අරඹන චතාරික සමය හෙවත් කොරොස්ම කාලය කි‍්‍රස්තියානීන් තුළ පශ්චත්තාපයේ සහ සිත්හැරීමේ කාලයක් වශයෙන් හැදින්වෙයි.  ජේසුස් වහන්සේ පාළුකරයේ දින හතළිහක් නිරාහාරශීලීව ගත කොට ජෙරුසෙලමට පැමිණීම තෙක් වු කාල සමය චතාරික සමය ලෙස හැදින්වෙන අතර චතාරික සමය අළු බදාදා එනම්, පෙබරවාරි 14 වන දිනයෙන් ආරම්භ වී මාර්තු 30 වනදා දක්වා දිවෙයි.

 

ජේසුස් වහන්සේ පාළුකරය තුළ නිරාහාරශීලීව ගත කළ කාලය තුළින් අපට පසක් කරන්නේ අප ද උන්වහන්සේගේ ඒ පාස්කු අභිරහසට පංගුකාරයන් විය යුත්තන් වන බවයි. එදා උන්වහන්සේ යක්ෂයා හමුවේ තෙවරක්ම පරික්ෂාවට පැමිණු අතර උන්වහන්සේ දේවවචනයෙන් ඒ සියලූ ම පරික්ෂාවන්ට මුහුණ දුන්නේ ය. එම නිසා කතෝලිකයින් වන අප ද මෙම උතුම් වු කාල සමය තුළ වඩවඩාත් දෙවි`දුන්ට ළංව උන්වහන්සේගේ වචනය තුළ ජීවත්වීමට වෙරදැරිය යුත්තෝ වෙමු. එම පශ්චත්තාපී කාලය තුළ නොයෙක් ආකාරයේ භක්ති අභ්‍යාසයන්හි නිරත වන විදේශීය සහ දේශීය කිතුනුවා හුදු බාහිර ආටෝපයන්ගෙන් තොර වී සැබෑ සිත්හැරීමක් තුළ දෙවියන් වහන්සේගේ අසීමිත වු පේ‍්‍රමයේ දයා කරුණාව සොයා ජීවිත පාද නමස්කාරයේ යෙදෙයි. චතාරික සමය අධ්‍යාත්මික සිත් සෝදිසියකට කිතුනුවා කැ`දවන අතර සැබෑ ඇතුළාන්ත සෝදිසියකින් යුතු ව දේවවචනය තම සිත් තුළ මෙනෙහි කරමින් නොයෙක් ආකාරයේ භක්ති අභ්‍යාසයන්ගේ නිරත වනු ලබයි. චතාරික සමය තුළ බොහෝ දෙනාගේ අවධානයට ලක් වන කරුණු වන්නේ චතාරික භක්ති අභ්‍යාස, චතාරිකය සහ බැ`දුණු පිළිවෙත් යනාදියය. එහෙත් මාගේ ව්‍යායාමය වන්නේ චතාරිකය හා සබැදුණු කාන්තා නියෝජනය ඓතිහාසික සහ වර්තමාන යන ද්විකාල පරාසය තුළ කි‍්‍රයාත්මක වු ආකාරය සහ කි‍්‍රයාත්මක වන ආකාරය විද්‍යාමාන කිරීමයි.

 

දේවමාතාවන්ගේ චරිතය චතාරික සමය තුළ අපට හමුවන ප‍්‍රධානතම කාන්තා නියෝජනය වන අතර සමස්ථ ගැලවීමේ කි‍්‍රයාවලියේ අග‍්‍ර ස්ථානය හොබවනු ලැබු උත්තුංග කාන්තා ප‍්‍රතිරූපය වන්නේද ඇයයි. ජේසුස් වහන්සේ මාතෘ වීමේ උතුම් භාග්‍ය හිමි කර ගත් ඇය කල්වාරි ගමන තුළ ජේසුස්වාමිදරුවන්ගේ ශක්තිය බවට පත්වුවාය. තමන්ගේ එකම දරුවා එනම්, ජේසුස් වහන්සේ දේවමාලිගයේ පුදදුන් අවස්ථාවේදී නාතාන් දිවැසිවරයාගේ ප‍්‍රකාශය වු ” ඔබගේ හදවත කඩුවකින් අණිනු ලැබුවාක් මෙන් වේදනාවට පත්වනු ඇත.” යන වදන සිය දෑස් ඉදිරියේම සත්‍යක් බවට පත්වුයේ ඇයගේ හදවත මහත් වේදනාවට පත්කරමින්ය.  නමුත් දේවමාතාවන්ගේ සැබෑ මාතෘත්වය හමුවේ ඇය සිය පුත‍්‍රයා යොමුකරනු ලැබුවේ දේව සැලැස්ම ඉටුකිරීමට මිස ඉන් ගැලවී යාමට නොවේ. කල්වාරි ක`දුමුදුනට කුරුසිය කර තබාගෙන ලේ වගුරවමින් යන සිය දේවපුත‍්‍රයාට  ඕතොමෝ නිතරම අස්වැසිල්ලක් බවට පත්වුවාය. ශුද්ධවු බයිබලීය කතුවරයා දේවමාතාවන්ගේ චරිතය මෙලෙස ජුදා සමාජය තුළ කරළියට ගෙන එන්නේ එදා පැවති සමස්ථ ජුදා සම්ප‍්‍රදායම අභියෝගයට ලක් කරමිනි. කුරුසිය කර තබාගෙන කල්වාරිකන්ද තරණය කරන ජේසුස්වාමිදරුවන්ගේ සෙවණැල්ල බවට පත්වු දේවමාතාවන් කුරුසිය තුළ ජේසුස් වහන්සේ ඇණ ගසන අවස්ථාවේදීත් ඒ සියල්ල සිත්හි නිදන් කර ගත්තේ දේව සැලැස්ම මුදුන් පමුණුවාලීම පිණිසයි. සියල්ල නිමාවට පත්වෙමින් ජේසුස් වහන්සේගේ නිසල දේහය ඇයගේ උකුළෙහි පුණවනු ලැබු අවස්ථාවේ කාන්තාවක් ලෙස මවක් ලෙස ඇයට කුමක් සිතෙන්නට ඇත්ද? බිළි`දු සමයේ උකුළට ගෙන නැළවු සිය එකම පුත‍්‍රයාව මෙලෙස දකින්නට ඇය කෙසේවත් නොසිතන්නට ඇති. එහෙත් ඇය නිතරම සිය ජීවිතය දෙවිදුන්ට භාරකරමින් දේව සැලැස්මට අවනත වු දාසියක් බවට පත්වුයේ සමස්ථ කාන්තා ප‍්‍රතිරූපයට ආදර්ශයක් වෙමින්ය. ඒ අනුව චතාරික සමය තුළ අපට හමුවන යෝධමය කාන්තා ප‍්‍රතිරූපය වන දේවමාතාවන් සැබවින්ම සමාජය තුළ සියයට විසිපහක් නොව සියයට සියයක්ම කාන්තා නියෝජනය සිය චරිතය තුළින් පිළිඹිබු කළ උතුම් ස්තී‍්‍රයක් වුවාය. දේව මාතාවන් එදා සමාජයට පමණක් නොව අද සමාජයට මහ`ගු ආශීර්වාදයන් ලබාදෙන ජීවන වෘක්ෂයක් බදුය.

 

එවන් උදාරතර කාන්තා චරිත අතර අපට හමුවන තවත් වැදගත් ස්ථානයක් ගන්නා ප‍්‍රතිරූපයක් වන්නේ වෙරෝනිකා ස්තී‍්‍රයයි. කතෝලික සභාව තුළ වෙරෝනිකා නම් වු ස්තී‍්‍රයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. එනම්, එදා ජුදා සමාජය තුළ පැවති පුරුෂාධිපත්‍ය මුල් බැසගත් පීතෘමූලික සමාජයේ කාන්තාව සමාජයෙන් කොන් කළ පුද්ගලයෙක් බවට පත්විය. නමුත් එයින් අඩපණව තිබු කාන්තා ප‍්‍රතිරූපය බයිබලීය කතුවරයා වෙරෝනිකා චරිතය මගින් සමාජයට ගෙන එනු ලබන්නේ සමස්ථ ගැලවීමේ කි‍්‍රයාදාමය තුළ කාන්තාවට හිමිවන සුවිශේෂීත්වය ගෙනහැර පෑමටය. කල්වාරිය වෙත කුරුසිය රැුගෙන යන ජේසුතුමන්ගේ ශී‍්‍ර වත මණ්ඩලය පිසදැමීමේ භාග්‍ය ඇය හිමිකර ගත්තීය. වෙරෝනිකාවන් මෙන් චතාරික සමය තුළ අපට හමුවන තවත් එක් කාන්තා ප‍්‍රතිරූපයක වන්නේ මග්දලායේ මරියාය. ජේසුස්වහන්සේගේ උත්ථානයේ ප‍්‍රථම සාක්ෂීකාරිය වන ඇය මෙම පුවත ශ‍්‍රාවකයින් වෙත ගෙන යන්නේ භක්තිය පෙරදැරි කොටගත් විශ්වාසයකිනි. මෙසේ කල්වාරි ගමන තුළදි ජේසුස්වාමිදරුවන්ට මුණ ගැසෙන කාන්තා ප‍්‍රතිරූපයන්ගෙන් පිළිඹිබු වු ප‍්‍රධාන කරුණක් වුයේ කීකරුකම සහ දේව විශ්වාසයයි. එවන් දේව විශ්වාසයක් අද සමාජයේ කාන්තා ප‍්‍රතිරූපයන් මගින් හෙළිදරව් වනවා ද යන්න දෙවරක් සිතා බැලිය යුතු කරුණක් බවට පත් ව ඇත්තේ ය.

 

එදා ජේසුස් වහන්සේගේ ප‍්‍රසිද්ධ ජීවිතය තුළ උන්වහන්සේගේ බලයෙන් සුවය ලත් සංඛ්‍යාව අතිශය විශාලය. උන්වහන්සේගේ උපතේ සිට මරණය දක්වාත් උත්ථානයේ සිට ස්වර්ගාරෝහණය දක්වාත් උන්වහන්සේගේ දහමේ බලය අත්වි`දි කාන්තාවන් බොහෝ ය. එයින් උන්වහන්සේ පසක් කරන්නට වෙර දරන්නේ ගැලවීමේ කි‍්‍රයාවලිය තුළ දි කිසිදු ආකාරයකින් භේදතා නොපවතින බවයි. එම නිසා කතෝලිකයින් වන අපත් මෙම චතාරික සමය තුළ දි දිනෙන් දින ඉහළ යන කාන්තා හිංසනය, කාන්තා අපරාධ වෙනුවෙන් නැ`ගී සිටීමට අදිටන් කර ගනිමු. මවක්, දියණියක් සහ සහෝදරියක් මෙන් ඇයට සලකමු.

 

දමිත් සුමේන්ද්‍ර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *