කච්චතිව් මංගල්‍යයට ඉන්දීය බැතිමතුන් 4000කට අධික පිරිසක්

පෙබරවාරි මස 23 වැනිදා ආරම්භ වන කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සදහා අවශ්‍ය සියලූ විධි විධාන නාවික හමුදාව විසින් සපයා ඇතැයි යාපනය රදගුරු මුලස්ථානයේ ජෝෂප් ජෙබරත්නම් පියතුමා පැවැසීය. යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා යාපනය දිසාපති කාර්යාලයේදී පැවැති සාකච්ඡුාවකදී ඉන්දීය බැතිමතුන් 4,000 ත් 5,000ත් අතර ප‍්‍රමාණයක් කච්චතිව් වාර්ෂික මංගල්‍යයට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව හෙළි වුණි.

ශ‍්‍රී ලාංකික බැතිමතුන්ද 3,000 ක් පමණ සහභාගි වන බව අපේක්ෂා කරන අතර මෙම සියලූම බැතිමතුන්ට අවශ්‍ය ආහාර පාන, පානීය ජලය ඇතුළු සියලූම පහසුකම් සලසා දෙනු ලබන්නේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසිනි. කච්චතිව් දූපතට පැමිණෙන ඉන්දීය බැතිමතුන් 23 දා උදෑසන සිටම මෙම දූපතට පැමිණෙන අතර ඔවුන් වාර්ෂික මංගල්‍යය අවසන් වනතුරුම දේවස්ථාන භූමියේ රැදී සිටිති.

කච්චතිව් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 24 දා උදෑසන පැවැත්වෙන විශේෂ දේව මෙහෙයේදී සිංහල භාෂාවෙන් දේව මෙහෙයක් පැවැත්වෙන බවත් එම දේව මෙහෙය වික‍්‍රමසිංහ පියතුමා විසින් සිදුකරන බවත් යාපනය රදගුරු මූලස්ථානයේ ජෝෂප් ජෙබරත්නම් පියතුමා පැවැසීය. පෙබරවාරි මස 24 දා උදෑසන පැවැත්වෙන විශේෂ දේව මෙහෙයෙන් පසුව කච්චතිව් ශාන්ත අන්තෝනි මුනි`දුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අවසන් වෙයි.

 

රසුල දිල්හාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *