ඉන්දීය කෝවිලෙන් හමුවූ රුපියල් ටි‍්‍රලියන 200ක රත්තරන්වලට දෙවියන්ගේ පිහිටද? අධිකරණයේ පිහිටද?

බොලිවුඞ් සිනමාව ඔස්සේ ලෝකයාට මවාපාන ඉන්දියාවේ සුරපුරය දුටු අයෙක් එරටට පා තැබූ සැණින් ඇති වන හැගීම කෙසේ විය හැකිද?

බැලූ බැලූ අත අපිරිසිදුකමත් අසරණකමත් රජයන ඉන්දියාවේ ඇතැම් ජනාකීර්ණ නගරවල ඇවිද යන විට ඔවුන්ට ඇතිවන්නේ ශෝකය මෙන්ම පිළිකුල මුසු හැගීමක්ම නොවේද? මෙම රටේ පෙන්වන සුන්දරත්වය කොහේ සැ`ගවුණිදැයි සිතන අතරම මෙපමණට දුප්පත් රටක්දැයි යනුවෙන් පැනයක් ඔවුන්ගේ සිත් තුළ ඇති වනවාට සැකයක් නැත.

අපට අසල්වැසි ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශවල තත්ත්වය මෙය වුවත් ඉන්දියාව යනු ලෝකයේ ධනවත්ම මිනිසුන් සිටිනා රටකි. ඉන්දියාවේ සෑම ප‍්‍රාන්තයකම පාහේ විසිරී ඇති ගිණිය නොහැකි තරම් ධනවත් කෝවිල් මෙයට හො`දම සාක්ෂියකි. මේ අතරින් ඉන්දියාවේ ධනවත්ම කෝවිල ලෙස සැලකෙන්නේ විෂ්ණු දෙවියන් වෙනුවෙන් තැනුණ ‘පත්මනාභාස්වාමී කෝවිලයි.

පත්මනාභාස්වාමී කෝවිල ඉදිකර ඇත්තේ ඉන්දියාවේ කේරළයේ තිරුවානාථපුරම් ප‍්‍රදේශයේය. වසරකදී මිලියන ගණනක බැතිමතුන් මෙම කෝවිල වෙත පැමිණෙන අතර ඉහළ පෙළේ ප‍්‍රභූවරුද ඒ අතර වෙති.
මෙම කෝවිල ගුහා නැතිනම් කුටීර හයකින් සමන්විතය. රන් ආභරණ, රන් කාසි සහ රනින් කළ විවිධ භාණ්ඩවලින් මෙම කුටීර පුරවා ඇති අතර ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වන බව සදහන් වේ. සමස්ත කෝවිලේම වටිනාකම ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලිනයකටද අධික බව මේ වන විට ගණනය කර තිබේ. එනම් එය රුපියල් ටි‍්‍රලියන 200ක පමණ වටිනාකමකි. එය සමස්ත ශ‍්‍රී ලංකාවම මිලදී ගැනීමට තරම් ප‍්‍රමාණවත් මුදලකි.

2011 වසරට පෙර මෙම කුටිවල ඇත්තේ මොනවාද සහ එහි ඇති භාණ්ඩවල වටිනාකම කොපමණද යන්න පිළිබදව කිසිවකුට අදහසක් තිබුණේ නැත. එයට හේතුව වූයේ මෙම කෝවිලේ ‘බී’ කොටස ලෙස හදුන්වන කොටසේ රහස් ගුහා වෙත පිවිසීමට කිසිම පුද්ගලයකුට අවසරය නොලැබීමයි.

නමුත් මෙහි රහසිගත කුටි සම්බන්ධයෙන් ජනතාව අතර පැතිර ගිය කසු කුසු සහ ඉන්දියානු ශේ්‍්‍රෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක් හේතුවෙන් එම කුටි පිළිබද පුවත තවදුරටත් ලොවට රහසක් වූයේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි එම කුටි විවර කිරීමේදී වසර සිය දහස් ගණනක් පැරණි රන් හා මුතු මැණික් සොයාගෙන තිබේ. ඒ අතර විවිධ යුගවලට අයත් රන් භාණ්ඩ සහ කාසි හමුවී ඇති අතර ඒවාට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබද ඉන්දීය රජය මේ වනතුරු තීරණය කර නොමැත. එම රත්තරන්වලට කළ යුත්තේ කුමක්දැයි යන්න තීරණය කිරීමේ බලය පැවරී ඇත්තේ එරට ශ්‍රේෂ්ාධිකරණයටයි. කෝවිලෙන් හමුවූ භාණ්ඩ අතර රනින් කළ දේවප‍්‍රතිමා මෙන්ම, රන්මාල සහ ආභරණ, රන් පොල් ගෙඩි, රන්කාසි ඇතුළු කිලෝග‍්‍රෑම් දහස් ගණනක රන් සහ මුතු මැණික් සොයාගෙන තිබේ.

මෙම කෝවිලේ ඉතිහාසයද අන් සෑම කෝවිලකම ඉතිහාසයට වඩා ඈතට දිවයන්නකි. ඉන්දියානුවන්ගේ විශ්වාසය වන්නේ එය වසර 5000ක් පමණ පැරණි කෝවිලක් බවය. ආරම්භය පිළිබද එක් නිශ්චිත මතවාදයක් නැතත් ඇතැමුන් පවසන්නේ එය කලියුගයේ පළමු දිනයේ ආරම්භ කරන ලද්දක් බවය.
මේ වන විට කෝවිලේ ආරක්ෂාව වෙනුවෙන් සී.සී.ටී.වී කැමරා සවිකර ඇති අතර සිය ගණනක ආරක්ෂක භටයන්ද යෙදවීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.

මිලියන ගණනක් මුඩුක්කුවාසීන් සිටින රටක් වුවත් කිසිදු පුද්ගලයෙක් මෙම ධනයට අතගැසීමට නිර්භීත වී නොමැත. එයට ප‍්‍රධානතම හේතුව බැතිමතුන් විසින් දෙවියන් උදෙසා පූජා කරන ලද මෙම රන්භාණ්ඩ පූජාභාණ්ඩ ලෙස සැලකීමයි. එසේම හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ මෙම වස්තුව පරිභෝජනය කිරීම අකැප බවයි. නමුත් ශ‍්‍රී ලංකාවේ නම් දේවාලයක රුපියල් දහස් ගණනක හෝ වස්තුවක් රැක ගැනීම ඉතා අසීරු කටයුත්තකි. අප එසේ සඳහන් කරන්නේ දිනෙන් දින වාර්තා වන පන්සල්, කෝවිල් කඩා වස්තුව කොල්ලකෑමේ පුවත් නිසාය. ලංකාවේ තත්ත්වය එසේ වුවත් දේව ශාපයට බියෙන් දේව වස්තුවට අත නොගසන හින්දු බැතිමතුන්ගේ භක්තිය නිසාම පත්මනාභාස්වාමී කෝවිලේ වස්තුව තවත් වසර ගණනාවක් නොනැසී පවතිනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *