කාසියේ වාසිය කොදෙව්වන්ට- මුලින් පන්දු රැකීම තෝරාගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය මේ වනවිට ආරම්භ වී ඇත.
තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් මුලින්ම පන්දු රැකීම තෝරාගත්තේය.
තරගය දිවා/ රාත්‍රී තරගයක් ලෙස නොටින්හැම් හිදී පැවැත්වේ.
දෙරට අතර පසුගියදා පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් එංගලන්ත කණ්ඩායමට හිමිවූ අතර ඒත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන 2019 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ තරග සදහා නොගොස් සෘජුව තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව උදාවිය.

එංගලන්ත කණ්ඩායම:-
ඉයන් මෝර්ගන් (නායක), මොයින් අලි, ජොනි බැරිස්ටෝ, ජෝෂ් බට්ලර්, ඇලෙක්ස් හෙල්ස්, ලියම් ප්ලන්කට්, අදීල් රෂිඩ්, ජෝ රූට්, බෙන් ස්ටොක්ස්, ජේම්ස් විලි, ක්‍රිස් වොර්ක්ස්

කොදෙව් කණ්ඩායම-:
ජේසන් හෝල්ඩර් (නායක), කයිල් හෝප්, ඉවන් ලුවිස්, සායි හෝප්, මාර්ලන් සැමුවෙල්ස්, ජේසන් මොහොමඩ්, රෝමන් පවෙල්, ඈෂ්ලි නර්ස්, ජෙරම් ටේලර්, මිගුයෙල් කමින්ස්, කෙස්රික් විලියම්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *