රැසියාවෙන් ලොවටම රතු එළියක්

ලොව  ඕනෑම ස්ථානයකට අදිසිව ළගාවිය හැකි අධිබලැති  ප‍්‍රබල න්‍යෂ්ඨික අවි තමන් සතු බව රුසියානු ජනපති විලැඩිමීර් පුටින් සදහන් කළේය.

 

ඔහු පවසන පරිදී මෙම න්‍යෂ්ඨික මිසයිල වලට කිසිදු න්‍යෂ්ඨික අවි නාශකයකට හසු නොවී ඉලක්කය කරා ළගා විය හැකිය.

 

ලොව දැනට පවතින නවීනතම සයිබැරීනයද රුසියාව සතුවන බව පුටින් ජනපතිවරයා පවසා ඇත. රුසියාව විසින් න්‍යෂ්ඨික අවි ඇතුළු යුධ ආම්පන්න දශකයකට අධික කාලයක් තිස්සේ සූදානම් කරමින් තැබූ බවද ප‍්‍රකාශ කළේය.

 

මාර්තුු 18 වන දින පැවැත්වෙන මීළග ජනාධිපතිවරණයට පෙර ජනතාව අමතමින් ජනපතිවරයා මේ බව සදහන් කර ඇත. ජනාධිපතිවරණයට ප‍්‍රථම රුසියානු ජනාධිපතිවරයා විසින් කරන ලද වඩා ආන්දෝලනාත්මක කතාව මෙය ලෙස සැළකේ.

 

රුසියාව ඉලක්ක කරගෙන කිසියම් ප‍්‍රහාරයක් සිදු වුවහොත් ඒ සදහා එසැනින් ප‍්‍රතිචාර දැක්වීමට රුසියාව සූදානමින් පසුවන බව ඔහු අවධාරණය කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *