කළ වරදට ලෝකයෙන් සමාව ඉල්ලා ස්මිත් හඩාවැළපෙයි

 

පසුගියදා කේප්ටවුන් හිදී අවසන් වූ ඕස්ට්‍රේලියා- දකුණු අප්‍රිකා තෙවන ටෙස්ට් තරගය අතරතුරදී පන්දුව පලුදු කිරීමේ චෝදනාව භාරගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් තමන්ගේ අනුදැනුම මත සිදුකළ වැරද සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ හඩාවැළපීම මේ වනවිට ලොවපුරා මහත් කතාබහකට ලක්ව තිබේ.

 

මෙම සිදුවීමෙන් අනතුරුව ස්මිත් සහභාගී වූ පළමු මාධ්‍ය හමුව අමතමින් මොහු මෙලෙස හඩාවැළපුණු අතර ඒ අවස්ථාවේ ඔහුගේ පියා පිටුපසින් සිට ඔහු සැනසීමට උත්සහ දැරීම කාටත් සංවේදී දසුනක් විය.

 

තමන් ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරේ කරන බවත් දුරදිග නොබලා තමන් මෙවැනි වැරදි ක්‍රියාවක් කිරීම සම්බන්ධයෙන් ලැජ්ජාවට සහ කනගාටුවට පත්වන බව පවසන ස්මිත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම තමන් සමාව ගන්නා බව පවසා ඇත.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්මිත් හඩාවැළපෙමින් සදහන් කර ඇත්තේ මෙවැන්නක්,

 

මේ සිදුකළ ක්‍රියාව ගැන නායකයා ලෙස සම්පුර්ණයෙන් මම වරද භාරගන්නවා. කිසිවෙක්ට මේ වරදේ වගකීම මම පවරන්නේ නෑ. ඇත්තටම වසරකට ක්‍රිකට් තහනම් කිරීම නෙමේ මට තියෙන දුක. රටේ ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දැරූ මම මේ වගේ වැරදි ක්‍රියාවක් කරලා මගේ රටට සහ මා අද මේ තැනට ගේන්න විශාල කැපකිරීමක් කරපු මගේ පවුලේ අයගේ ගෞරවයට හා අභිමානයට කළු පැල්ලමක් එක් කිරීමයි මට තියෙන දුක. මගේ ජීවිතය ගැන මම හදවතින්ම කනගාටුවෙනවා. නැතිවුණු ගෞරවය ලබාගන්න මම කෙසේ හෝ යළි කටයුතු කරනවා. නැවත වරක් මම කියනවා මට සමාවෙන්න.

 

ස්මිත් හඩාවැටෙන අයුරු පහතින්,

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *