බි‍්‍රතාන්‍ය රජ පවුලට පුංචි අමුත්තෙක්

බි‍්‍රතාන්‍ය රජ පවුලට පුංචි අමුත්තෙකු ඉකුත්දා එක් වුණා. ඒ විලියම් කුමරුගේ සහ කේට් කුමරුගේ තෙවන පුත් කුමරුවායි. කේට් කුමරිය බිළිදා ප‍්‍රසූත කළේ ශාන්ත මේරි රෝහලේදීයි. කුමරුගේ උපත රජ පවුල පුදුම කළ ආරංචියක් බවට පත්වී තිබුණා.

එයට හේතුව වුණේ ඔවුන් දියණියක අපේක්ෂාවෙන් පසුවීමයි. රජ පවුලේ ආරංචි මාර්ග වලට අනුව නම් කේට් කුමරිය මෙන්ම අලූත උපන් පුත් කුමරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. කුමරුවා ඉකුත් 23වෙනි සදුදා පෙරවරු 11ට උපත ලැබූ අතර එදින පස්වරු 6ට කේට් කුමරිය සහ විලියම් කුමරු තම අලූත් පැටියා සමග මාධ්‍ය හමුවේ පෙනී සිටියා. එහිදී කේටි කුමරිය රතු පැහැ අලංකාර ගවුමකින් සැරසී සිටි අතර පුත් කුමරු පසුවූයේ දැඩි නින්දකයි.

තමන්ගේ පුංචි සහෝදරයා බැලීමට සොයුරු ජෝර්ජ් කුමරු සහ සොයුරිය චාර්ලට් කුමරියත් තාත්තා සමග යාමට අමතක කර තිබුණේ නැහැ. අලූත් උපන් පුත් කුමරා ඔටුන්නට හිමිකම් කියනුයේ පස්වෙනියටයි. ඔහුට තබන නම පිළිබදව රජ පවුල මෙතෙක් `සදහන් කර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *