ඕස්ට්‍රේලියාව හැසිරවීම ජස්ටින් ලැන්ගර්ට

 

ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ නව පුහුණුකාර ධුරයට ඔස්ට්‍රේලියාව බිහිකළ සුපිරි ක්‍රීඩක ජස්ටින් ලැන්ගර් පත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

 

ඒ අනුව වසර 4ක කාලයක් පුරා මොහුගේ පත්කිරීම බලපැවැත්වෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කිරිමක් කර තිබේ.

 

පසුගියදා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුව පලුදු කිරිමට අදාලව චෝදනා ලැබූ අතර චෝදනාව පිළිගැනීමෙන් පසුව හිටපු පුහුණුකරු ඩැරන් ලීමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සදහා ලැන්ගර් පත්කර ඇත.

 

ලැන්ගර් ටීම් නිල්සන් සහ මිකී ආතර් දෙපල ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරන සමයේ සහය පුහුණුකාර තනතුර දරා ඇති අතර මීට අමතරව වෙස්ටර්න් ඕස්ට්‍රේලියා සහ පර්ත් ස්කොචර්ස් යන කණ්ඩායම් හී ප්‍රධාන පුහුණුකාර ධුරයේ කටයුතු කර තිබේ.

 

වර්ෂ 1993 සිට 2007 දක්වා කාලයේ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති 42 හැවිරිදි ලැන්ගර් එහිදී ටෙස්ට් තරග 105කදී ශතක 23ක්, අර්ධ ශතක 30ක් සමගින් ලකුණු 7696ක් ලබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *