ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අැමරිකාව ඉවත් වෙයි

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අැමරිකාව ඉවත් කර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් අැමරිකානු ජනපතිවරයා කියා සිටියේ, දිරාපත්ව සහ පිළුණු වී ඇති එම ගිවිසුම සමග රැඳී සිටීම පුරවැසියෙකු ලෙස තමන්ට ලැජ්ජාවට කාරණාවක් බව ය.

2015 වසරේදී අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට පෙර ඉරානයට එරෙහිව යළි ආර්ථික සම්බාධක පැනවීමට තමන් සූදානම් බව ද ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය , න්‍යෂ්ටික බලශක්තිය ආයුධ නිෂ්පාදනය සඳහා යුරේනියම් බලගැන්වීම යළි ආරම්භ කරන බව ප්‍රකාශ කළේ ය.

මේ අතර අැමරිකාව සිය පොරොන්දු ඉටු නොකරන බව නිවේදනය කර ඇති නිසා අවශ්‍ය වුවහොත් ක්‍රියා කිරීමට සූදානම්ව සිටින ලෙස ඉරාන පරමානුක බලශක්ති සංවිධානයට ජනපති රුහානී නියෝග කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *