ජෙෆ්රි වැන්ඩර්ස් හා සධීර සමරවික්‍රමගේ දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) පැවති තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් සමත් විය. දඹුල්ල ක්‍රීඩකයෝ ඊයේ තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළේ ය.

දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ සධීර සමරවික්‍රම ය. කොළඹ කණ්ඩායමට එරෙහිව 22 හැවිරිදි දකුණත් පිතිකරු සමරවික්‍රම ලකුණු 130ක් වාර්තා කළේය. දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ජෙෆ්රි වැන්ඩර්සේ ය. ඔහු ලකුණු 07කට කඩුලු 4ක් දවා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *