මුම්බායි ඉන්දියන්ස් අයි.පී.එල් ඉතිහාසයේ ලැබු ඉහළම ජයග‍්‍රහණය

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 41 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර කොල්කටා ඊඩන් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 102 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.එය කල්කටා කණ්ඩායමට එරෙහිව අයි.පී.එල් ඉතිහාසයේ ලැබු ඉහළම ජයග‍්‍රහණය ලෙසද වාර්තා අතරට එක්විය.

කාසියේ වාසිය  දිනූ මුම්බායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර  තරඟය ආරම්භ කලේ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසිනි

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹායාමට පැමිණි කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 18.1 ක් අවසානයේ ලකුණු 108 කට සීමා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. මෙය කල්කටා කණ්ඩායමක් මුම්බායි කණ්ඩායම හමුවේ ලබාගත් 8 වන අඛණ්ඩ පරාජය ලෙස වාර්ථාගත විය.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 9 කට මුහුණදුන් බෙන් කටින් එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක් රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ මුම්බායි කණ්ඩායම 2018 තරඟාවලියේ පළමු වරට පළමු කණ්ඩායම් හතර අතරට පැමිණි අතර අංක හතරේ සිටි කල්කටා කණ්ඩායම අංක 5 ට පසු බැස ඇත.

මුම්බායි ඉන්දියන්ස් පිල – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවි 210

කොල්කටා නයිට්රයිඩර්ස් පිල – ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 108

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *