මූලික සංචිතයට අලුතින් ආරම්භක පිතිකරුවෙක්

 

ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටි විශිෂ්ට පිතිකරුවකු වූ දිමුත් කරුණාරත්න මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරගාවලියේ පුහුණූවීම් අතරතුර අබාධයට ලක්විය.

අබාධයට ලක්වූ දිමුත් කරුණාරත්න වෙනුවට වමත් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පසුගියදා නම් කළ මූලික සංචිතයට අලුතින් එක් කර ඇති බව වාර්තා වෙයි. ඔහු ටෙස්ට් තරග 02කට පමණක් සහභාගි වී ඇති අතර එක්දන හා විස්සයි විස්ස තරගය වල විශේෂ දස්කම් දක්වන ක‍්‍රිඩකයකු ලෙස හැදින්විය හැක.

මීට අමතරව පළාත් සිව්දින තරගාවලියේ දස්කම් දැක්වූ කසුන් රාජිත,අසිත ප‍්‍රනාන්දු හා නිසල තාරක මෙම මුලීක සංචිතයට ඇතුලත් කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය ජුනි මස 06 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මෙම මස 30 වැනිදා ශ‍්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතව ඇත

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *