ඇමෙරිකානු ඩොලර් 72,000ක් සමග කටුනායකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේ දී අද(11) රුපියල් එක් කෝටි එකොලොස් ලක්ෂ හැට දහසක් (1,11,60,000) වටිනා ඇමෙරිකානු ඩොලර්( 72,000) තොගයක් තම ගමන් මලු වල සගවා ගෙන නීතිවිරෝධී  ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් පුද්ගලයින් 55, 30 වයස් වල පසුවන අතර මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව ව්‍යාපාරික කටයුතු වලද නිරත වන්නන් බව රේගුව අනාවරණය කරගෙන තිබේ .

ඔවුන් විසින් රැගෙන ආ එක් ගමන් මල්ලක , එය එල්ලා ගෙන යෑමට ඇති අත් කොටසේත් , අනෙක් ගමන් මල්ලේ පිටු පස කොටසකත් මෙම ඇමෙරිකානු ඩොලර් තොගය සගවා ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *