පාසල් සිසුන් අතර පිහි ගැටුමක්

මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු  සිදු කළ පිහි ඇණුමකින් එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බරපතළ තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුර මොණරාගල මහ රෝහලට මාරු කර යවා ඇත.

මෙම අනතුරට හේතුව  පහර කෑමට ලක් වූ සිසුවා තවත් සිසුන් කිහිප දෙනෙකු සමග එක්ව අනෙක් සිසුවාට උසුලු විසුලු සිදු කර ඇති බව වාර්තවේ.

පාසල නිමවී නැවත නිවස බලා යමින් සිටින අතර තුර මෙම පහරදීම සිදු වී ඇති අතර පහර කෑ සිසුවාගේ තත්ත්වය බරපතළ වන අතර පහර දීම සිදු කල සිසුවා සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද( 17) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සියඹලාණ්ඩුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *