මිරිස් කුඩු ප්‍රහාරයක් සමඟ ඝාතනයක්

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලිවැව සිරිපුරගම ප්‍රදේශයේ තිබී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (17) උදෑසන වැල්ලවාය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පසුව ගෙල කපා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙහෙරයාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි විසිඑක් හැවිරිදි නිරෝෂන් ලක්මාල් නැමති වසරක පමණ කුඩා පුතෙකු සිටින එක් දරු පියෙකු වන අතර ඔහුගේ දේහය තබා ගැනීමට නිවසක් ද හරි ආකාරව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *