ප්‍රදේශ රැසකට විදුලි බිඳ වැටීම්

දිවයිනේ පවතින වර්ෂාවත් සමඟ අගලවත්ත, මතුගම, හොරණ වැනි ප්‍රදේශ ඇතුළු තවත් ප්‍රදේශ රැසකින් විදුලිය බිඳ වැටීම් වාර්තාවී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

වර්ෂාවත් සමග රැහැන් මාර්ග කඩා වැටී ඇති බැවින් ඒවා ස්පර්ශ කිරිමට යාමෙන් වළකින ලෙසත් එවැනි අවස්ථාවලදී 1987 දුරකතන අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි.

අකුරුට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුව ද ආපදා අවස්ථාවකදී නඩත්තු කටයුතු සඳහා එක්වන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍යකුමාර වඩුගේ මහතා පැවසී ය

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *