ඊජිප්තු පාපන්දු කණ්ඩායමට ස්වර්ණමය අවස්ථාවක්

වසර 27ක නිහැඩියාවකින් පසුව ඊජිප්තු පාපන්දු කණ්ඩායමට නැවත වරක් පාපන්දු ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවී ඇත.
ඊයේ (08) බ්‍රොග්. එල්. අරාබි පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවති “2018 පාපන්දු ලෝක කුසලාන” සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තෙවන වටයේ තරගයකින් “කොන්ගෝ කණ්ඩායම” ගෝල 2-1ක් ලෙස පරාජයට පත්කිරීමත් සමග ඊජිප්තු කණ්ඩායමට මෙම සුවිශේෂි අවස්ථාව හිමිවිය.
උද්වේගකර තරගයකින් අනතුරුව නියමිත විනාඩි 90ක කාලය තුලදී දෙපිලම ගෝල 1ක බැගින් ලබාගත් අතර පසුව දඩුවම් පහර අවස්ථාවකින් ගෝලයක් ලබාගැනීමත් සමග ඊජිප්තු කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙන කරුණකි.
මිට පෙර පැවති සුදුසුකම් ලැබීමේ තරග වලදී ඝානාව, ටියුනීසියාව, ටෝගෝ, යේමනය හා ලිබියාව යන රටවල් පරාජයට පත්කිරීමත් සමග ඊජිප්තු කණ්ඩායමට මෙම අවස්ථාව හිමිවිය.
ඊජිප්තු පාපන්දු කණ්ඩායමක් අවසන් වරට පාපන්දු ලෝක කුසලානයක් සදහා සුදුසුකම් ලබා ඇත්තේ 1990 වර්ෂයේ ඉතාලියේදී පැවති 14 වන පාපන්දු ලෝක කුසලානයට වන අතර ඒ අනුව වසර 27කට පසුව නැවත වරක් 2018 වර්ෂයේදී රුසියාවේදී පැවැත්වෙන 21ක් වන ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකරගෙන ඇත.

මෙම තරගයේ විශේෂ අවස්ථා පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *