නාමල් රාජපක්ෂගේ සමාගමේ අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් “ගවර්ස් කෝපරේට්” නැමැති සමාගමේ අධ්‍යක්ෂවරිය වන ඉරේෂා ද සිල්වා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අද (10) අළුයම ඇය අබුඩාබියේ සිට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් මගින් පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඇය අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා අධිකරණය වරෙන්තු නිකුත්කළ අතර ඒ අනුව යමින් ජාත්‍යන්තර පොලිසියට සිදුකල ඉල්ලීමක් අනුව මැය අබුඩාබියේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *