නීතියෙන් බාධාවක් නොමැති නම් 2020 ජනාධිපති මහින්ද – බැසිල් රාජපක්ෂ කියයි

අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට සූදානමක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

2020 ජනාධිපතිවරණය සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට සහය දක්වන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *