සද්ධන්තයින් දෙදෙනාට සිංහරාජය නැවතත් හිමිවේ

ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇත්තේ අද (14) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී එම නිලධාරින් සමඟ පැවති හමුවකදීය.

මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම අලි දෙදෙනාගෙන් ප‍්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශි‍්‍රතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පි. පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *