Sunday, October 21, 2018

අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් හා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කාෙළඹ කාෙටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඒ අනුව අද (12) දිනයේ “2015 වසරේ පැවති උද්ඝාේෂණයකට අදාලව” විභාග වන නඩු කටයුත්තකට අධිකරණය හමුවේ පෙනීසිටි විත්තිකරුන් දෙදෙනා ලබන (26) වනදා දක්වා මෙලෙස […]

Read More

පසුගියදා හම්බන්තොට ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් ඒකාබද්ධ විපක්ෂය හා තවත් සංවිධාන කිහිපයක් පැවැත්වූ උද්ඝෝෂණය මර්ධනය කිරීමට වත්මන් රජය ක්‍රියාකළ ආකාරය ජාත්‍යන්තරය දැඩි ලෙස හෙළාදැක ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසීය. අද (12) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. උද්ඝෝෂණය අතරතුර පොලිස් නිලධාරියෙකු විසින් මාධ්‍යවේදියෙකුට […]

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ලබන 25 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පියවර ගෙන ඇත. අද (12) අදාල වරද සම්බන්ධයෙන් නියෝජය අමාත්‍යවරයාට එරෙහිව ගොණුකර තිබු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය නිකුත්කර ඇති බව සියදෙස අධිකරණ වාර්තාකාරිණිය පැවසීය. පෙර […]

Read More

තායිවානයේ බැංකුවක පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කාෙට රුපියල් කාේටි 11ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයට සහය ලබාදීමට එම බැංකුවේ නියෝජිතයෙකු හා එරට විමර්ශන නිලධාරීන් දෙදෙනෙකු දිවයිනට පැමිණ ඇත. ඒ අනුව මෙම නිලධාරින් අද (12) කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණි බව අප වාර්තාකාරිණිය පැවසීය. පරිගණකවලට අනවසරයෙන් පිවිසුණු පිරිස සොයාගැනීම සඳහා තායිවානයේ පොලිස් […]

Read More

මාධ්‍යවේදිි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බුද්ධි අංශ නිලධාරින් 295කින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. අද (12) “රහස් පොලිසිය” ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම කරුණු දැක්වීම සිදුකර ඇති බව සියදෙස අධිකරණ වාර්තාකාරිණිය පැවසීය. එමෙන්ම අදාල බුද්ධි අංශ සාමාජිකයින්ගෙන් ලබාගත් ප්‍රකාශ වලට අදාල වාර්තා හා දුරකථන විස්තර […]

Read More

“හබරණ- පලුගස් වැව, තිබිල උල්පත වැව රක්ෂිතයේ” නිදන් කැනීම් කරමින් සිටි සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගැනීමට හබරණ පොලිසිය පියවර ගෙන ඇත. හබරණ පොලිසියට ලද තොරතුරකට අනුව අද (12) අළුයම මොවුන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය සදහන් කළේය. අත්අඩංගුවට ගත් පිරිස දඹුල්ල, කන්තලේ, ඉනාමළුව හා හබරණ යන ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බව හබරණ පොලිසියේ ප්‍රකාශකයෙකු සියදෙසට පැවසීය. එමෙන්ම […]

Read More

මහා නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසුරිය අද (12) අත්සන් තබා ඇත. පසුගිය (09) වනදා අදාල පනත් කෙටුම්පත විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල අතර එහිදී එය සංශෝධන සහිතව ඒකමතිකව සම්මත වීම සිදුවිය. ඒ අනුව කථානායකවරයා විසින් අදාල පනතට අත්සන් තැබීමෙන් පසුව එය ගැසට් පත්‍රයක් මගින් […]

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය නියාමකවරුන් හා රියදුරන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ව තවදුරටත් පැවැත්වේ. “දුම්රිය රියැදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සංශෝධනයට ලක් නොකිරීම” හේතුවෙන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පියවර ගත්තේය. අදාල කරුණ සම්බන්ධයෙන් ඊයේ (11) දුම්රිය බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට එම සංගමය කටයුතු කලද එහිදී යහපත් ප්‍රතිචාරයක් නොලැබීම […]

Read More

සිව්දින නිල සංචාරයක් සදහා ජර්මනිය හා ෆින්ලන්තය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (12) අළුයම 1.30ට පමණ එම සංචාරය නිමාවට පත්කරමින් යළි දිවයිනට පැමිණ ඇත. සියදෙස ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කලේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 668 දරන ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි බවයි.

Read More