Sunday, September 23, 2018

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට අගමැති දැනුම් දී ඇති බවට ලැබු තොරතුර අසත්‍ය ප්‍රකාශයක් අග්‍රාමත්‍ය කාර්යාලය සඳහන් කල බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.  

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය හමුවේ සඳහන් කළේ බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ  අවම ගාස්තුව වන රුපියල් 12හි කිසිදු වෙනසක් සිදු නොවන […]

Read More

කුණාටු තත්ත්වයක් හේතුවෙන් ග්වන්ජු ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමීම නිසා කොළඹ සිට කැන්ටන් (ග්වන්ජු) බලා අද (16) යාමට  නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල් 880 දරණ ගුවන් යානය පැය 11 ක් පමණ ප්‍රමාද වී ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. නැවත මෙම ගුවන් යානය හෙට (17) අලුයම 1.30 ට ග්වන්ජු බලා […]

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ලබන 12 වන දා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව පවසයි. එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ පොල්ගොල්ල ජල සම්පාදන ක්‍රමයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථානයේ නව ජල පොම්ප හා විද්‍යුත් පැනල සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවය. ඒ අනුව අමුණුගම පාර, 606 […]

Read More

සියලු ආහාර සැකසුම්කරුවන්ට සහ වෙළඳුන්ට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කරන යහපත් නිෂ්පාදන පිළිවෙත් සදහා වූ ප්‍රමිති සහතිකය හෙවත් ජී.එම්.පී සහතිකය ලබාගැනීම අනිවාර්ය කර තිබේ. කිසිඳු වෙලෙන්දෙකු, අදාළ  සහතිකය ලබා නොගෙන සිය කටයුතු සිදු නොකල යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය  පෙන්වාදෙයි. ආහාර සැපයුම් ආයතන සඳහා යහපත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම නීතිය […]

Read More

කොළඹ, බ්‍රේබෘක් ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක මේ වන විට ගින්නක් හට ගෙන ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි. මේ වන විට ගිනි නිවීමේ රථ පිටත් කර හැර තිබේ. මේ වන විටත් අදාළ ගොඩනැඟිල්ලේ සිට අහස දෙසට විශාල දුමාරයක් පිටවෙන අයුරු දක්නට ලැබෙයි. මෙම ගොඩනැඟිල්ල ඉදිකෙරිමින් පවතින ගොඩනැඟිල්ලක් බව ද අනාවරණය වී තිබේ.    

Read More

“ජනබලය කොළඹට“ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී ඇත. පිටකොටුව දෙසින් පාගමන ආරම්භ වීමත් සමඟ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබේ. ප්‍රධාන විරෝධතාව අද(05) පස්වරුවේ කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට නියමිත අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය […]

Read More

ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොලඹට’ විරෝධතාවය පස්වරු 02 ට පමණ ආරම්භ වීමට නියමිතය. විරෝධතාවය ආරම්භ වන ස්ථානය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් හෙළිදරව් කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විරෝධතාවය සදහා පිටකොටුව බෝගහ ආසන්නයේ දී එක්වීමට නියමිත බවද සදහන්ය. ගම්පහ දිස්ත‍්‍රක්කයේ පිරිසට සම්බන්ධ වන්නැයි උපදෙස් ලැබී […]

Read More

මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියකින් පසු රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ්‍රය වට කරගෙන සිටින බවයි. විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ වන විට […]

Read More
1 2 3 78