ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් එක් දින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකවරුන් තීරණය කර ඇත.   අද (03) කතානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සදහන් කළේය.   මෙම විවාදය පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය කළ යෝජනාවට පක්ෂ […]

Read More

  ලෝක කම්කරු දිනය ලොවපුරා වෙසෙන වැඩකරන ජනතාව මහත් අභිමානයෙන් යුතුව සමරන්නේ මැයි මස පළමු වැනිදාය. නමුත් මෙවර වෙසක් පොහොය අප්‍රේල් මස 29 වැනිදාට යෙදී තිබීම හේතුවෙන් අප්‍රේල් 26 සිට මැයි 02 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් නම් කිරීමට රජය ගත් පියවරෙන් මැයි දිනය සැමරීම ශ්‍රී ලංකාවේ පමණක් මැයි 07 වැනිදාට යොදාගැනීමට තීරණයක් ගෙන තිබේ. […]

Read More

  යුධ සමයේ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ බුද්ධි අංශ නිලධාරින් ඇතුලු විශාල රණවිරුවන් සංඛ්‍යාවක් මේ වනවිට සිරගත කර ජාත්‍යන්තරව සහ දේශීයව ඔවුන් විශාල අසීරුතාවයකට පත්කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සදහන් කරයි.   ඊයේ (02) කොළඹදී පැවැති උත්සවයක් අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කර ඇත.   පසුගිය යුධ සමයේ රට වෙනුවෙන් […]

Read More

  කතානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.   අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු කාර්යාලය සදහන් කරයි.   මෙහිදී ලබන (08) වැනිදා ආරම්භ වීමට නියමිත නව පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී න්‍යාය පුස්තකයේ සැකසුම පිළිබදවද අවධානය යොමුකිරීමට නියමිතය.

Read More

  ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුතු විශිෂ්ඨ ගණයේ සිනමා රූපාවලියක් උසස් රසවින්දනයකින් යුතුව ප්‍රේක්ෂක හදවත් වෙත සමීප කළ හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් සිනමාවේදියාණන් අද (02) ජාතියෙන් සමුගත්තේය.   ඒ අනුව ඒ මහතාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරුණු අතර ඔහුට ගෞරව කිරීමක් වශයෙන් අද දිනයේ ජාතික […]

Read More

  ශ්‍රි බුද්ධ වර්ෂ 2562 වැනි වෙසක් පොහොය නිමිති කරගනිමින් අප්‍රේල් මස 29 සහ 30 යන දෙදින තුළ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසාතැබීමට රජය නියෝග කර තිබේ.   අද (26) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් නිකුත්කළ නිවේදනයක මේ පිළිබදව සදහන් කර ඇත.   ඒ අනුව මෙම දින දෙක තුළ දිවයිනේ සියලුම සුරාසැල් වසා […]

Read More

  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියත් සමග අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරාට පක්ෂයේ නව තනතුරු 2ක් හිමිවී තිබේ.   ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ වෘත්තීය සමිති ලේකම්වරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පත්කිරීමට අද (26) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැති විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී […]

Read More

  එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසංවිධානයට අනුව පක්ෂයේ උප නායක තනතුර නැවතවරක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ලබාදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා සිය විරෝධය පළකර තිබේ.   අදාළ තනතුරු පිළිබදව අවසන් තීරණයකට පැමිණීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද (26) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වෙන අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් […]

Read More

  එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.   මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නව නිළධාරී මණ්ඩලය සඳහා අනුමැතිය ලබාගැනීම සහ තවත් වැදගත් වූ තනතුරු කිහිපයකට නිලධාරීන් පත්කිරීමට නියමිත බව පක්ෂ ප්‍රකාශකයෙකු සියදෙසට පැවැසීය.   ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ […]

Read More