Sunday, September 23, 2018

මාලදිවයින් ජනාධිපතිවරණය ආරම්භ වී තිබේ. වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරණය සඳහා නැවත තරග කරන අතර විරුද්ධ පාක්ෂයේ අපේක්ෂයා ලෙස ඊබ්රහීම් මොහොඩ් සෝලී තරගවදියි. වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් චීන හිතවාදියෙකු වන අතර විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා ඉන්දියානු හිතවාදියෙකු ලෙස හැඳින්වේ. බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ මෙම ජනාධිපතිවරණය විනිවිද භාවයකින් හා සාධාරණ බවකින් තොර මැතිවරණයක් බවයි. කෙසේ නමුත් ජනාධිතිවරණය […]

Read More

වවුනියාවේ තාණ්ඩික්කුලම ප්‍රදේශයේදී ඊයේ (22) සවස පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් හා ගම්වැසියන් පිරිසක් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ-9 මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවකුට පොලිස් නිලධාරීන් නවතින ලෙස සංඥා කළ අවස්ථාවේදී එම තරුණයා පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කොට තිබේ. පොලිස් නිලධාරීන්ද තරුණයා පසුපස යතුරුපැදිවලින් හඹා ගොස් ඇති අතර තරුණයා  තාණ්ඩික්කුලම පළාතේ නිවසක් […]

Read More

මන්නාරම සතොස තොග ගබඩාව අසලින් හමු වූ සමූහ මිනී වළේ කැණීම් කටයුතු කඩිනම් කිරීම සදහා කැණීම් කටයුතු කරන පිරිස වැඩි කිරීමට මන්නාරම දිසා විනිසුරු එස්.ස්වර්ණරාජා මහතා නියෝග කොට තිබේ. ඔක්තෝබර් මාසය මැද වන විට මාස් මෝසම් වැසි මන්නාරමට ලැබෙන නිසා වර්ෂා කාලයේදී සමූහ මිනී වළේ කැණීම් කටයුතු අඩාල විය හැකි නිසා දිසා විනිසුරුවරයා මෙම නියෝගය […]

Read More

රුපියල් 260,000/- (දෙලක්ෂ අසූදාහක) මුදලක් වෙළඳසලකින් සොරාගැනිමේ චෝදනාවට සැකපිට නල්ලතන්නිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් (21) දා හැටන් දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු චමින්ද කරුණාරත්න මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුව ලබන මස (03) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. මෙසේ රක්ෂිත භාරයට පමුණුවනු ලැබුවේ, අම්පිටිය, ගුරුදෙණිය ප්‍රදේශයේ පදංචි (29)  හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඉකුත් […]

Read More

73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය. එතුමා සමග දූත පිරිස 15 දෙනෙකු පමණ එක් වී සිටි අතර, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ ජෝන් අමරතුංග යන අමාත්‍යවරුන් ද ඒ අතර සිටියහ. මෙම පිරිස ඊයේ (22) […]

Read More

උතුර, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක. සබරගමුව පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  බස්නාහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට සිහින් වැසි වාර කිහිපයක් […]

Read More

රථවාහන ආනයනය තවදුරටත් සීමාකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නව රෙගුලාසි දෙකක් පනවා තිබේ. රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී වාහනයේ වටිනාකමට සියයට සියයකින් සමාන මුදලක් තැත්පත් කිරීම අනිවාර්ය වන අතර ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් කල්බදු ක්‍රමය යටතේ ආනයනකරුවන්ට නිකුත් නොකරන ලෙස වාණිජ බැංකුවලට උපදෙස් දී ඇත. නව රෙගුලාසි හේතුවෙන් වාහන […]

Read More

නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපයේ සේවය කරන කථිකාචාර්යවරියකගේ මළ සිරුරක්  ඊයේ (21) ත්‍රිකුණාමලය කොටුව වෙරළේ තිබී සොයා ගත්බව නිලාවේලි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ වව්නියාව ආසිකුලම්  කට්කුලම් 1 පදිංචි නඩරාසා පොතනායගි (29) නැමැති නැගෙනහිර විශ්ව විද්‍යාලයේ  ව්‍යාපාර අධ්‍යනය හා ජනසන්නිවේදන පීඨයේ කථිකාචාර්යවරියයි. මෙම කථිකාචාර්යවරියගේ අත්බෑගය හා පාවහන් යුගළ ත්‍රිකුණාමලය වෙරළේ තිබි  ඊයේ (21) උදෑසන […]

Read More

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන කුසලානය කොළඹ ගාලු මුවදොරදී අද ප්‍රදර්ශනය කෙරේ. ඒ, එම කුසලානය ලොව පුරා රැගෙන යන චාරිකාවේ එක් පියවරක් ලෙසිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, අද පස්වරු 4.00 සිට ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවයි. මේ අතර පිළිවෙලින් කෑගල්ල සහ සීගිරියේදී හෙට සහ අනිද්දා එම […]

Read More
1 2 3 514