මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි. මෙම විභාගය සඳහා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 355,326ක් වන අතර එහි සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 267,770 දෙනෙකු  සහ දෙමළ මාධ්‍ය 87,556 දෙනෙකි. විභාග මධ්‍යස්ථාන 3,050 මෙම විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් වේ. […]

Read More

මෙවර අ.පො.ස. (උ/පෙළ) විභාගය ලබන 06 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි. අයදුම්කරුවන් 321,469 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත අතර මධ්‍යස්ථාන 2,268කදී විභාගය පැවැත්වේ. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311කි.  

Read More

දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.      

Read More

සිනාදි සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක, හෝමාගම පුරාණ විහාරාධිපති, ශ‍්‍රී සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද පඤ්ඤාකිත්ති නාහිමිපාණන් වහන්සේ පසුගියදා (21) අපවත්වී වදාළහ. බත බුලතින් සරුවූ ඌව පළාතේ, බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් මාදෝවිට ගම් පියසේදී වර්ෂ 1941.07.03 වැනි දින උපත ලද පූජ්‍යපාද මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි, උතුම්වූ ප‍්‍රව‍්‍රජ්‍යා භූමියට පත්වූයේ වර්ෂ 1952 දීය. පූජ්‍යපාද බිබිලිගමුවේ ගුණරතන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද මාදෝවිට පේමානන්ද […]

Read More

කලක් රෝගාතුරව සිටි  ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන මහතා ඊයේ (22) පස්වරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 85කි. තිස්ස ගුණවර්ධන මහතා වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණය වූයේ 60 දශකයේදී රන්තෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමිනි. සිසිල දිනූ දෑත් ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය වූ අතර මෙම නාට්‍ය දෙකම එළිමහන් වේදිකාවල ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි. […]

Read More

සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු ජනාධිපති නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමග වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ ඔහුව බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසටය. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හෘද ස්පන්ධනයද අක්‍රමවත්ව සිදුවන වන අතර ඔහු විජලනයෙන්ද පෙළෙන බව එම වෛද්‍යවරු පවසති.  

Read More

යුද්ධයෙන් අවතැන්වූ යාපනය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදුකෙරෙනු ඇත. ඒ යටතේ යුද්ධයෙන් අවතැන්වූ පවුල් 1000කට මේවන විට නිවාස ඉදිකර අවසන්ව ඇති අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ මූලිකත්වයෙන් මේ වනවිට තවත් නිවාස ව්‍යාපෘතියක් […]

Read More

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පකිස්ථානයේ ෆක්හර් සමාන් වාර්තා අතරට එක් වන අතර ඔහු මෙම වාර්තාව පිහිටුවූයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඉනිම 21ක් තුළදීයි. ඔහු එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක් වන අතරම මෙම තරගාවලියේදී ලකුණු 515ක් රැස් කළේ ය. ඒ අනුව එක් රටකට […]

Read More

යාපනයේ පේදුරුතුඩුව මුහුදේ ඊයේ (22) සවස විනෝදයට ඔරු පදිමින් සිටි පාසල් ශිෂ්‍යයින් තුන් දෙනෙකු  ඔවුන්ගේ ඔරුව පෙරළීමෙන් එක් අයෙකු මරුමුවට පත් වී ඇති අතර අනෙක් දෙදෙනා දිවි ගලවා ගෙන තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යයෙකි. ඔරුව පෙරළීමෙන් පසුව  ධීවරයින් පිරිසක් පැමිණ මේ සිසුන් තුන් දෙනාම බේරාගෙන පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ. නමුත් […]

Read More