දියතලාව යුධ හමුදා කඳවුරේ සිදුවු අත් බෝම්බ පිපිරුමකින්

 

දියතලාව යුධ හමුදා කඳවුරේ සිදුවු අත් බෝම්බ පිපිරුමකින් පුද්ගලයන් තිදෙනෙකු  තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම අනතුර අද(17) පැවති පුහුණු වීමක් අතරතුර සිදුවී ඇති අතර ආධුනික නිලධාරියෙක්, යුධ හමුදා සැරයන්වරයෙක් හා කාන්තා ආධුනික සෙබළියක් මෙයින් තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා පොලිසිය හා දියතලාව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි