ආණ්ඩුව ඉවත්කිරීමේ පළමු වෙඩිමුරය තියනවා – තිස්ස විතාරණ-

වර්තමාන යහපාලන ආණ්ඩුව ඉවත්කිරීමේ පළමු වෙඩිමුරය මෙවර පළාත් පාලන මැතිවරණයත් සමග සිදුකරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ සදහන් කරයි.

 

අද (06) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති ලංකා සමසමාජ පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂ නායකවරයා මේ බව සදහන් කළේය.

 

පසුගිය රජයට අධික ලෙස ණය ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා නගන වර්තමාන ආණ්ඩුව මේ වනවිටත් විශාල වශයෙන් ණය ලබාගෙන ඇති බවත් එහෙත් කිසිදු සංවර්ධනයක් සිදුවී නොමැති බව පක්ෂ නායකයා පැවසීය.

 

වර්තමාන රජයට රට ඉදිරියට ගෙන යාම සදහා කිසිදු දැක්මක් හා ඉදිරි වැඩපිළිවෙලක් නොමැති බව සදහන් කල පක්ෂ නායකවරයා මේ හේතුවෙන් මෙම ආණ්ඩුව ඉවත්කිරීමට පියවර ගන්නා බව වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේය.

ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ගැන අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

සයිටම් ගැටළුව මුල්කරගනිමින් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් ආණ්ඩුව පෙරලීමට දරන උත්සාහයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සහය ලබාදෙමින් සිටින බව ලංකා සමගි පෙරමුණේ නායක පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි සදහන් කරයි.

අද (08) කොළඹදී ලංකා සමගි පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

ජනාධිපතිවරයා සියළු පාර්ශවයන් සදහා අසාධාරණයක් නොවන පරිදි තීරණයක් ලබාදුන් පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සදහා මුල්වරට එකගතාවය පළකර අනතුරුව සංගමය පැවැත්වූ හමුවකින් පසුව නැවත වරක් අදාල එකගතාවයට විරෝධය දක්වමින් මාරාන්තික උපවාසයන්ට සහය පළකිරීම මගින් මේ බව පැහැදිලි වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේය.

රනිල්ගේ- ගෝඨාගේ ගනුදෙනුවක් ගැන අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

වත්මන් ආණ්ඩුවට 2015 වර්ෂයේ පැවති මැතිවරණයෙන් ලක්ෂ 62ක ජනවරමක් හිමිවුයේ දුෂණය හා හොරකමට දඩුවම් ලබාදීමට වුවද මේ වනතෙක් එවැනි කිසිදු දඩුවමක් ක්‍රියාත්මක වී නොමැති බව ජාතික සමගි පෙරමුණු නායක පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි සදහන් කරයි.
අද (24) කොළඹදී පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
පසුගියදා හිටපු ආරක්ෂක ලේකම්වරයා කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණ ද අග්‍රාමාත්‍යවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබාදුන් පොරොන්දුවක් හේතුවෙන් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුනොවූ බව මන්ත්‍රීවරයා පැවසීය.
පසුගියදා ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ බිරිද විසින් සිදුකල ඇමරිකානු සංචාරය සදහා ටිකට් පත් වෙන්කරවා ගැනීමට පමණක් මිලියන 2ක මුදලක් වැය වී ඇති බව හෙළිදරව් වී ඇති බව සදහන් කල මන්ත්‍රීවරයා රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙස සේවය කිරීම සදහා පමණක් වැටුපක් ලබාගත් ඔහුට මෙතරම් ධනයක් කෙසේ ලැබුනේ දැයි යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවද සදහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක සොරුන් වෙනුවෙන් දඩුවම් ලබාදීමට පියවර නොගන්නා බැවින් නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට ගෙන ඒ සදහා අවශ්‍ය පියවර ගතයුතුව ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ උත්සයක් ඩලස් කියයි

වත්මන් ආණ්ඩුව විවිධ පනත් හා සංශෝධන ගෙන එමින් පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දැමීමේ උත්සහයක නිරතවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සදහන් කළේය.
අද (21) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා යහපාලන ආණ්ඩුව පළාත් සභාවන් හි බලය වර්ධනය කලයුතු බවට ප්‍රකාශ කලද ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මත කල “පළාත් සභා මැතිවරණ සංශෝධන පනත” මගින් පළාත් සභාවන් තුල වර්තමානයේදී පවතින බලතලද අඩුකිරීමට පියවරගෙන ඇති බව පැවසීය.