අදත් දිවයින පුරා වැසි

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, දකුණසහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද අපේක්ෂා කල හැක.

 

 

ප්‍රදේශ රැසකට අද  සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්වයක් ද අපෙක්ෂා කල හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව, ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

 

 

 

දැනට බලපැවැත්වෙන කාලගුණ අනාවැකි

දිවයිනට බලපාන අයහපත් කාලගුණික තත්වයත් සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම කාලගුණ වාර්තාවට අනුව ඒ ඒ දිස්ත්‍රික්ක සදහා බලපැවැත්වෙන කාලගුණය සම්බන්ධයෙන් තොරතුරු පහතින්,

මේ වනවිට දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින (OCKHI) සුළිකුණාටුව කොළඹ සිට කිලෝමීටර් 600 පමණ දුරින් පවතින අතර එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමග දිවයින කෙරෙහි බලපෑම ක්‍රමයෙන් පහව යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් කරන එම දෙපාර්තමේන්තුව උතුර, උතුරු-මැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට (මි.මි. 100 වැඩි) තද වැසි ඇති වේ යැයි අපේක්ෂා කර ඇත.

තවද බස්නාහිර, දකුණ හා සබරගමුව පළාත්වල විටින් විට හමන (පැ.කි.මී. 50ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව සදහන් කරන දෙපාර්තමේන්තුව අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.

දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්ක සදහා බලපැවැත්වෙන කාලගුණ තත්වය පහත සිතියම මගින්,