දේශප්‍රේමී කඳවුරේ මහගෙදර එජාපය බදු ඇරගෙන – ඩලස් අලහප්පෙරුම-

 

එක්සත් ජාතික පක්ෂය සිය බංකොලොත්භාවය වසාගැනීමට එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ලේ තැවරුණු සාටකයත්, සිරිමාවෝ බණ්ඩාරනායකගේ නිල් ඔසරියත් පිරුවටයක් කොටගෙන ඇති බව එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම සදහන් කරයි.

 

අද (03) බොරැල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති එ්කාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

 

අවාසනාවකට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට රටේ ප‍්‍රගතිශීලී, වාමවාදී ව්‍යාපාරයේ දේශපේ‍්‍රමී කදවුරේ මහගෙදර බදු අරගෙන ඇති බවත් මේත් සමග දේශපේ‍්‍රමී කඳවුරට රැදීසිටීමට මහ ගෙදරක් අහිමි වී ඇති බව මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

 

පසුගිය ජනවාරි 09 වනදා ලෝක දේශපාලනයේ වාර්තාවක් පිහිටවූ බව සදහන් කල මන්ත්‍රීවරයා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 126ක් සිටි ආණ්ඩුව ඉවත්කර 46ක් මන්ත්‍රීවරුන් සිටි පාර්ලිමේන්තුවේ 5න් 1ක බලයක් හිමි පක්ෂය බලයට පත්කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති කළ බවත් ඉන් ශ්‍රීලනිපය ඝාතනයට ලක්වූ බව මන්ත්‍රීවරයා පැවසීය.

 

අනතුරුව බැදුම්කර වංචාවෙන් අගමැතිවරයා බේරාගැනීමට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය බවත් ශී‍්‍රලනිප බලය සහිත ආණ්ඩුවක් තිබියදී වසරකටත් පෙර සිදුකල මෙම ක්‍රියාවත් සමග ශ්‍රීලනිපය දණගැස්සවීම සිදුවූ බවද අවධාරණය කළේය.

 

රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක් අභියසට මේ වනවිට පැමිණ ඇති බවත් ජීවන වියදම දැරිය නොහැකි, ඩොලරයේ මිලට වැඩියෙන් පොල් ගෙඩියේ හා හාල් කිලෝවේ මිල ඉහළ ගිය, වෛද්‍ය අධ්‍යාපනය වළදමා, නිදහස් අධ්‍යාපනය ඉදිරියේ ප‍්‍රශ්නාර්ථයක් ඇති, ආණ්ඩුව ජාතික ආරක්ෂාව විනාශ කර රට කැබලි කිරීමට උත්සහ දරන තත්වයක ජනතාව නිසි තීරණයක් ගතයුතුව ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

 

ඒ අනුව පවතින තත්වයත් සමග එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත‍්‍රය පරාජය කිරීමේ ආත්මීය දේශපාලන වුවමනාව හේතුවෙන් කොන්දේසි විරහිතව පොහොට්ටුව ලකුණින් තරග කරන සියලූම අපේක්ෂක, අපේක්ෂිකාවන්ට සහාය ලබාදීමට තීරණය කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී සදහන් කළේය.

 

ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ උත්සයක් ඩලස් කියයි

වත්මන් ආණ්ඩුව විවිධ පනත් හා සංශෝධන ගෙන එමින් පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දැමීමේ උත්සහයක නිරතවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සදහන් කළේය.
අද (21) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා යහපාලන ආණ්ඩුව පළාත් සභාවන් හි බලය වර්ධනය කලයුතු බවට ප්‍රකාශ කලද ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මත කල “පළාත් සභා මැතිවරණ සංශෝධන පනත” මගින් පළාත් සභාවන් තුල වර්තමානයේදී පවතින බලතලද අඩුකිරීමට පියවරගෙන ඇති බව පැවසීය.