උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ හමුව ජුනි 12 වන දා සිංගප්පූරුවේ

උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ හමුව ජුනි 12 වන දා සිංගප්පූරුවේ දී පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසයි.

එම අවස්ථාව ලෝක සාමය වෙනුවෙන් වඩාත් තීරණාත්මක අවස්ථාවක් බවට පත්කර ගැනීමට දෙදෙනාම උත්සාහ දරන බව ද හෙතෙම එමගින් පෙන්වා දී තිබේ.

මෙම හමුව සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අදහස් පළ කර ඇත්තේ උතුරු කොරියාව විසින් නිදහස් කරනු ලැබු අමෙරිකානුවන් දෙදෙනා පිළිගැනීමෙන් පැය කිහිපයකට පමණ පසුවවීම විශේෂත්වයක්.