හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් යුතුකම් මතක් කිරිමක්

යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ හමුදා සෙබලුන් සිහි කිරීම මෙරට ජනතාවගේ යුතුකමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කඩුවෙල් ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පෙන්වාදෙන්නේ යුද්ධයෙන් මියගිය ජනතාව සිහි කිරිම මෙන්ම යුද ජයග්‍රහණයට උරදුන් හමුදා සෙබලුන් සිහි කිරීම ද ඉතා වැදගත් බවයි .

මේ අතර සඳ හිරු සෑයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.